Friday, July 29, 2011

පුතුනේ . . .

෴෴

මහා කන්දක් බරට
උසුලා දරාගෙන
නොතලා කිසිමවිට
රැකගෙන මුතුසේම
පියමැන්නා නොවෙද
පුතුනේ දිවිමඟට

ලේ කිරිකර පොවා
සෙනෙහෙන් දොවා
ඇතිදැඩි කළා නොවැ
සවිබල රැඳෙන ලෙස

පුතුනේ අගුපිලද
දුන්නේ නුඹ අපට
කම් නැත සැඟවීම
ඉන්නම් නොපෙනෙන්න

෴෴෴෴

2 comments:

  1. දරුවෝ අම්මලාට මොනා කලත් ඒ අය ඒවා ඉවසනවා. ඇත්තටම අම්මලාගේ ආදරය මහ මුහුද වගේ හිදෙන්නේ නෑ. තව තවත් වැඩි වෙනවා මිසක් !!!!

    ReplyDelete
  2. @ මධුරංග . .
    ඔයාගෙ කතාව සහතික ඇත්ත. අද සමාජයෙ දරුවන් විසින් නොසලකාහරින ලද දෙමාපියෝ කොපමනක් නම් ඇත්ද, ඒ දෙමාපියන්ගෙන් ඇහුවොත් බහුතරයක්ම දරුවන්ට දොස් කියනවාට අකමැති වඟ වටහා ගන්න පුලුවන්.
    ඔයාට ගොඩාක් ස්තුති හැමදාමත් මට අදහස් දක්වලා මේ දෙන සහයොගයට . . :)

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .