Friday, September 30, 2011

මගේ හීන . . .



අනාගතයේ එක දවසක
නුඹේ අත ගෙන ඇවිද යන්න
ගෝල්ෆේස් පිටියේ ඉඳන්
ඉස්සෝ වඩේ රස බලන්න

විදුලි පහන් කණු ගැන ගැන
පිට කොටුවට පයින් යන්න
තෙහෙට්ටුවක් දැණුන විටදි
සරුවත් වල රස බලන්න

අනෙක් ඈයෝ ඇස් ගසද්දි
නුඹේ අතැඟිලි අල්ල ගන්න
විහාර මහ දේවි එකේ
පුංචි කොච්චියේ යන්න

හිරු කිරණින් ගත දැවෙද්දි
එක කුඩයක වහං වෙන්න
නුඹේ උරහිසේ හිස තියාන
මගේ සිතුවිලි දිඟ හරින්න

හිරු බැස ගොස් සද නැගේද්දි
වෙන්වන දුක වාවගන්න
නුඹේ දෙතොලට දෙතොල තියා
අවසන් හාදුව පුදන්න

8 comments:

  1. මාර ආසවල් තමයි මේයැයිටත් තියෙන්නේ.

    ReplyDelete
  2. මේ හීනේ හැබෑම වෙන්න කියලා පතනවා...

    ReplyDelete
  3. මේ කවිය ඇතුලේ ඇත්තටම ජීවත් වුණා කියලා හැගීමක් දැණුනා . . . අපූරුයි සිතූ . . .

    දිනය අවසන හාදුවත් ගෙන
    යන්න යමි සඳ නැගෙන යාමෙක
    නුඹේ මතකය තුරුල් කරගෙන
    නොඉවසිල්ලෙනි ගෙවෙනතුරු රැය

    හිරු පිබිදෙනා විටම ලහියෙම
    යලිත් එන්නට නුඹ බලන්නට
    ඉන්නවාදැයි කියාපන් නුඹ
    එනතුරා මා යලි නුඹම වෙත

    යලිත් හිරු බැස යන මොහොතකදි
    යන්න යයි නුඹ තබා මතකය
    කවදාක දැයි කියාපන් මට
    ලග රැඳෙන්නට එන්න සදහට

    ReplyDelete
  4. හරිම අපූරුයි සිතූ අක්කේ..

    ReplyDelete
  5. @ මධුරංග
    ම්..ම්..ම්.. හොදයි කියන්න බලන්න ඔයාට නැද්ද මේ වගේ ලස්සන හීන

    ReplyDelete
  6. @ Dinesh ..
    ඔවු මමත් එහෙම හිතනවා සේරම නොවුනත් එකක් දෙකක් හරි මේ හීන සැබැවෙයි කියලා..

    ReplyDelete
  7. @ සුශාන්....
    හරිම ලස්සන කොමේන්ටුවක් ... මගේ කවියටම ගැලපෙන විදිහට ලියවුන.. ස්තුතියි ඔයාට ගොඩාක්..

    ReplyDelete
  8. @ ප්‍රාර්ථනා...
    ම්... ම්.... ගොඩාක් ස්තුතියි නංගා ඔයාට මට දක්වන සහයොගයට..

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .