Tuesday, October 4, 2011

නුඹ එනතුරු . . .



දුකින් හඬන සිත අද්දර
සිනා මලක් වී පිපෙන්න
අඳුර කපා එළිය දෙන්න
තරු පොකුරක් වී සිටින්න

උදැසනින් පිපෙන කුසුම
විලසේ සුවඳවත් වන්න
ජිවිතයේ කඳුළු වසා
සතුටු සිනා රැගෙන එන්න

මියෙන තුරා එකම මඟක
ජිවන ගමනේ යෙදෙන්න
මගේත් එක්ක නුඹ එනවද
අතැඟිලි මුදු පළදවන්න . . .

8 comments:

  1. නියමයි. !!!
    සැරයැටියෙන් යනකන්ම දෙන්නට එකට ඉන්න ලැබෙන්න කියලා පතනවා. ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  2. නුඹ ඉන්න මගෙ තනියට
    මියෙන තුරා දිනයක....

    ලස්සන අදහසක්....

    ReplyDelete
  3. නියමයි සිතු.....

    ReplyDelete
  4. @ මධුරංග...
    හේ..හේ.. කවුද අප්පේ ඒ දෙන්නා.. ස්තුතියි සහෝ ..

    ReplyDelete
  5. @ Dinesh..
    මම හිතනවා කාටත් පොදු අදහසක් කියලා.. ඔයාට ගොඩාක් ස්තුතියි..

    ReplyDelete
  6. @ සුශාන් ...
    කවුද ලස්සන මමද? හේ..හේ.. බොහොමත් ස්තුතියි හැමදාමත් හෙවනැල්ලක් වගේ ලඟින් ඉන්නවට

    ReplyDelete
  7. @ නරක සමනලයා
    නියමයි කිවේ මටද කවියටද සමනලයෝ :P :P

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .