Thursday, November 24, 2011

මඟ බලාන......


නුඹ එනතුරු මග බලාන,
ඉන්නෙමි මම නෙත් අයාන,
පපුතුරුලේ හිස හොවාන,
මගේ සිතේ දුක කියන්න..

නළල් තලය සිඹින විටදී,
මගේ දෙනෙතම පියාගන්න,
නුඹේ උරහිසේ වාරු වෙලා,
මගේ කඳුලැලි මුදා ලන්න..

සංසාරෙන් සංසාරෙට,
හැමදාමත් එකට යන්න,
පතන පැතුම් කවදාහෝ,
ඉටුවෙවිද මට කියන්න...

ජිවිතයම බෙදා ගන්න,
මගේ ලගින් සදා ඉන්න,
අතැගිලි මගේ පටල ගන්න,
අයෙත් ඇත නොහැර යන්න

6 comments:

  1. මෙහෙම කාලයක් මටත් තිබුණා............. :(

    ReplyDelete
  2. මම ඉන්නවා මග බලාගෙන
    නුඹ එනතුරු ආදරෙන් සැනසෙන්න..

    ReplyDelete
  3. මගේ මෙහෙම කාලේ අවුරුදු තුනකින් විහර උනා.
    දැන් එහෙම කාලයක් නෑ.

    ReplyDelete
  4. හ්ම්ම් ඒ කාලය දැන් ගොඩාක් දුර ගිහින් :(((

    ReplyDelete
  5. මට ත් එයාට කියන්න තියෙන්නෙ ඔහොම්මම තමයි :)

    ReplyDelete
  6. hasitha . .Dinesh . .. මධුරංග ...වර්ණා ..රොෂාන්... ඔයාලා සියලු දෙනාටම බොහෝමත් ස්තුතියි හැමදාමත් වගේ මගේ නිර්මාණ අගය කලාට. සමාවෙන්න ස්තුති කිරිමට ප්‍රමාද වුවාට. මගේ බ්ලෝග් එකේ මට පොස්ට් දැමිමට නොහැකිවි තිබුනා. යාන්තම් අද ඔන්න එක හදාගත්තා. :) :) :)

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .