Sunday, June 12, 2011

අපේ වී . . .

කප්පරකට හින පොදි 
ගුලි කරන් මගේ සිතේ
නුඹ වෙතට ලං වෙලා
මුමුණන්න හිත් තියේ . . .

නුඹ ඇවිත් හොර හොරෙන්
හීනයක දැවටිලා
ආදරේ දුන්න සැටි
අපුරුයි ජිවිතේ . . .

අපි අපේ වි මෙසේ
හිත් තුලින් හැම දිනෙ
කවදා හෝ එක් වෙලා
ජය ගනිමු ජිවිතේ . . .

රහසින්ම . . .

රහසින්ම බැදි පෙමින්
මුමුනමින් ලං වෙලා
ජිවිතේ විදගන්න
ඔබ එක්ක හින හිලා . . 
පාරමී පිරු මා 
අද තුටින් සැන සිලා . .
ඔබ ලඟම රැදෙන්නම්
මියෙන තුරු සෑම දා . . .

Saturday, June 11, 2011

නිදහස් දවසේ . . .

මුලුවැදුණු කොඩිවල
කේසර සිංහයෝ
එළියට පැනලා
නිදහස පෙන්නන්න
ආයෙමත් සැරයක්
ලැජ්ජාවෙන් ,
හැංගෙන්න බලාගෙන
අමතක වුණාම
උඹලට ,
නිදහසේ උණ . . .

නිකමට . . .

පොඩ්ඩක් හිනාවෙන්න . . . . 
කවි සිතිවිලි උනන්න . . . . 
ආදරයෙන් බලන්න . . . . 

මට කවියක් ලියන්න . . . .

පියනැඟුම . . .

රුදුරු ගොර සපුන් වෙසෙන
විසල් මහ වන මැද
අතර මං වු ,
මුව පොව්වන් දෙදෙනකු
නොවෙමුද අප . . .

හතරවටින්
භීතිය අඬු විහිදා ගත් . .
මේ භයානක වන ගැබින්
නික්ම . . .
හෙට දිනයේ අප පා තබන්නේ ,
තවත් ,
කුරිරු ලොවකට ,
නොවෙද . . .

පෙම් බැඳ . . .

කප්පරකට හීන අහුරු
නුඹ ගැන මම දැකපු අයුරු
ජීවිතයට සුවඳ තැවරු
කවියකි ඔබ සිතට මියුරු

තනියට ළග නැතත් කවුරු
ලොවම මගේ වෙතත් අදූරු
දෛවය මට උනත් නපුරු
නුඹට බැදුණු පෙමයි සොඳුරු

ඈයි . . .

මල් සුවඳ කොඳුරලා
කීකතා ලංවෙලා
ආදරේ සඟවලා
ඉන්නේ ඇයි ගොලුවෙලා