Saturday, June 11, 2011

බාධක . . .

ගැරහුම් අසලින් හද ගිණි දළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි
විසකටු පදුරුය අප යන එන මඟ එමටයි
සෙනේහයට අමිහිරි අවමන් එමටයි 

මා . . .

මා ඈත හිනහෙන 
ලෙසක ඔබ දුටුවද 
සත්තයි . . . 
ඔබ දිහා බලා 
හඬමි ,

සැමදා
ලොවට රහසින් . .

බෙහෙත් . . .

මම ලෙඩින්
පපුව ,
ගැහිලා ගැහිලා 
නවතින්න කිට්ටුව
නුඹ ආවා . . .
හුස්ම අරගෙන
මා බලන්න . . .

මහ රෑක . . .

කුටියේ කවුලුවෙන් සඳ රැස් ගෙට එනවා
පාළුව කාන්සිය හද තුළ තෙරපෙනවා
නිදිබර දෙනෙත් අඩවන්වීගෙන එනවා
සුසුමක් හෙලා මා නිදියන්නට යනවා

වෙන්වීම . . .

නිමාව
දුකත් ,
අදුරත් 
ඉතිරි කර
සිතිජයෙහි ගිලුනි
ඉර . . . .

පතමු . . .

විරි ගෙන සැනසුනොතින් අද දින අප
හැකිවෙයි එඩිගෙන ජය ගැනුමට යලි
අවරට ගිය හිරු හෙට දින පායයි 
පතමු එක්ව එදිනට ජය නියතයි

තාම නෑනේ . . .

පොඩි මල් ඇති ගවුම ඇදන්
මම දොර ලඟ බලා ඉන්නවා . .
ඒත් අනේ තාම නෑනේ තාම නෑනේ
මල් දුන්නේන් වඩින ඉලන්දාරියා . . . .

මංගල සේවයට කිවා
wall එකේත් දාලා බැලුවා
ඒත් අනේ තාම නෑනේ තාම නැහැනේ
අර මල් දුන්නේන් වඩින ඉලන්දාරියා . . .

කල වයසත් ගෙවිලා යවි
ගේදරට මා බරක් වෙවී
ඒත් අනේ තාම නැහැනේ තාම නැහැනේ
මල් දුන්නේන් වඩින ඉලන්දාරියා . . . .