ගැරහුම් අසලින් හද ගිණි දළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි
විසකටු පදුරුය අප යන එන මඟ එමටයි
සෙනේහයට අමිහිරි අවමන් එමටයි
Saturday, June 11, 2011
බෙහෙත් . . .
මම ලෙඩින්
පපුව ,
ගැහිලා ගැහිලා
නවතින්න කිට්ටුව
නුඹ ආවා . . .
හුස්ම අරගෙන
මා බලන්න . . .
පපුව ,
ගැහිලා ගැහිලා
නවතින්න කිට්ටුව
නුඹ ආවා . . .
හුස්ම අරගෙන
මා බලන්න . . .
මහ රෑක . . .
කුටියේ කවුලුවෙන් සඳ රැස් ගෙට එනවා
පාළුව කාන්සිය හද තුළ තෙරපෙනවා
නිදිබර දෙනෙත් අඩවන්වීගෙන එනවා
සුසුමක් හෙලා මා නිදියන්නට යනවා
පාළුව කාන්සිය හද තුළ තෙරපෙනවා
නිදිබර දෙනෙත් අඩවන්වීගෙන එනවා
සුසුමක් හෙලා මා නිදියන්නට යනවා
පතමු . . .
විරි ගෙන සැනසුනොතින් අද දින අප
හැකිවෙයි එඩිගෙන ජය ගැනුමට යලි
අවරට ගිය හිරු හෙට දින පායයි
පතමු එක්ව එදිනට ජය නියතයි
හැකිවෙයි එඩිගෙන ජය ගැනුමට යලි
අවරට ගිය හිරු හෙට දින පායයි
පතමු එක්ව එදිනට ජය නියතයි
තාම නෑනේ . . .
පොඩි මල් ඇති ගවුම ඇදන්
මම දොර ලඟ බලා ඉන්නවා . .
ඒත් අනේ තාම නෑනේ තාම නෑනේ
මල් දුන්නේන් වඩින ඉලන්දාරියා . . . .
මංගල සේවයට කිවා
wall එකේත් දාලා බැලුවා
ඒත් අනේ තාම නෑනේ තාම නැහැනේ
අර මල් දුන්නේන් වඩින ඉලන්දාරියා . . .
කල වයසත් ගෙවිලා යවි
ගේදරට මා බරක් වෙවී
ඒත් අනේ තාම නැහැනේ තාම නැහැනේ
මල් දුන්නේන් වඩින ඉලන්දාරියා . . . .
Subscribe to:
Posts (Atom)