Friday, July 1, 2011

ඩිංගිරාගේ සුදු මැණික


සුදු මැණික ,



ඔය ඇත්ති පෙරලි පෙරලි පංතියට වැදෙනවා දැක්කහම සත්තයි මගේ පපු කැනැත්තට මොකද්දෝ වුණා . ජම්බෝල මූණ මැද්දට වාත්තු දැම්ම වගේ තියෙන ජමුබු නාහෙ දිහා දැක්කම මට ඔය ඇත්තිගෙ නාහෙ මිරිකන්නමයි හිත් කීවේ . අනේ මා ගැන අහිතකින් නම් ඕං බැලුම්ලනවා එහෙම නොවේ ඕං හොඳේ . සත්තයි . . . ! ! ! මම ඔය ඇත්තිට මනාපයි .

අපේ අප්පොච්චා නිතර දෝහේ කියන බහක් නොවැ පාරේ බැහැල කැන්දන් යන්න ඇහැකි එකියක් සහේ ගනින් කියන එක . ඉතිං මට නං ඕං හම්බුනා වගේ කියලා හිතෙනවා දැං . මගේ කකුල් කඩිත්තුව හැදුනු වෙලේක උනත් ඔය ඇත්තිට බැරියැ මාව ඩිංගිත්තක් උස්සං යන්න . අප්පොච්චටත් සතුටු දැනෙයි නොවැ.

මේ ඇහුනද , ඔය ඇත්ති බතක් මාලුවක් අතගාගන්න අකුරු කොරලා ඇත්ද දන්නේ නැ නේද . නැතත් කමක් නැ . ඔය ඇත්තිටයි මටයි බැරියැ පයිඩයිස් එකක් ගෙනැවිදින් දවාලයි රෑයි සප්පයම් වෙන්න . පයිඩයිස්ම කාල එපා වුනොතින් අපි අර පිස්ස හුට් එකක් ඇති ඉසවුවකට ගාටමුකො . එහෙව් හොඳැ .

අනේ ඕං දිගෑදෙන්නනම් පැදුරු කඩමාල්ලක් තමයි හරියන්නේ. සත්තයි මයෙ හිතේ කොලඹ ගාටල පලවෙනිම දවසේ මාව අපේ ඔය හොස්ටොල් එකේ ඇඳෙන් පහලට පතබෑවුණා නොවැ . මම ඔය උස ඉසවුවලට ඩිංගිත්තක් බයයි . අහිතක් නැත්නම් ඔය ඇත්තිත් පැදුරේ දිගෑදෙමු . නැත්තත් ඔය හොඳ ඔට්ටපාලු මෙට්ටයක් හොයාල ගන්න බැරිවෙන එකක් නැතිවෙයි නොවැ . ඒකට දාගන්න හමක් වේලන්ඩ කියලා මම ඔන්නං අපේ අයියන්ඩිට වචනේ දාල බලන්නම් . හැබැයි ඕං අයියන්ඩිට කොලඹ ගාටන්න මන් කියනවා එහෙව් නොවෙයි . උන්දැ මෙහෙ ගෑටුවොත් මට වෙන්නේ එක ගෙයි කන්න. උන්දැ හරි කපටියා . මට කලියෙන් හැමදාම ගෙට රිංගයි . ඒ වැඩේ ඕං බොට ඔට්ටු නෑ .

ඉතිං කැකුලේ මොකදැ උඹේ බහ කියාපන් මට . මගෙ හිත කියනවා ඔය ඇත්ති මට බහදේවි කියලා . මට ඕං වහුං කරනවා එහෙවු නෙවෙයි . ඔය ඇත්ති බහක් දෙනකන් මයේ පපු කැනැත්ත ඔය ඇත්ති ගාව තියන් මා බලාන ඉන්නම් . ඒ දවසට බැරියැ අපේ අප්පොච්චටයි අම්මිලා ඇත්තන්ටයි කීලා ඔය ඇත්තිලාගේ ඉසව්වට ගාටන්න .එහෙව් හොඳෑ . එහෙනං කැකුලේ මයේ ඇහැ රිදෙනකං බලං ඉන්නවා . වං හුං කතා දාන්න හිත්ලෑවට මයෙ හිතේ ඩිංගිත්තක බයක් තියේ නොවැ . ඒකයි මේ ලියුං කඩදහිය කුරුටු ගෑවේ . ඔය ඇත්තිට කැලෑ දේවතාවගේම පිහිටයි . 


උඹට හිත්ලෑව ,
ඌරුලෑවේ ඩිංගිරා

8 comments:

  1. ඔය ඇත්ති මොකෑ අනුන්ගේ සෙහෙනෙ කොළ බ්ලොගේ පිටුවල දාන්නේ ? ලස්සන ලියමනක්.ඩිංගිරා අයියණ්ඩි ආයේ සෙනෙහෙ කොළ ලිය ලියා දගලන්න ඕනැන්නේ නෑ. ඔය පෝඑන් කට්ටක් ගත්තා නම් ඇස් ඇම් ඇස් කොරන්න බැරුවයෑ.

    ReplyDelete
  2. දැන් ඒ ඇත්තී බහ පොජ්ජ දුන්නැයි .......

    ReplyDelete
  3. මේක මේ ඔයාට හම්බුණු ලියමනක්ද සිතු . . .:P

    ReplyDelete
  4. Q මධුරංග . . .
    හේ . .හේ . .එකනම් සැබැවයි. බැරියැ ඇස්. ඇම්. ඇස් . කොරන්ට . . :P

    ReplyDelete
  5. @ පන්සල් හංදිය . . .
    තාම නැහැනොවැ මා හිතේ . .

    ReplyDelete
  6. @ සුශාන් ප්‍රියනාත් . . .
    . . . . . . . . . . :P :P :P

    ReplyDelete
  7. බය ගන්ට කාරී නෑ නොව බොලා ලා ලියුම් කඩහිය කොටලා තියෙන සැටියට අපේ වුනත් පපු කැත්ත හොස් ගාලා දාලා යනවා නෙව.. එකි උබට මනාප වෙවි..එහෙනම් බොල එකි සහේට ගන්න දාට මුළු සයිබර් අවකාශයටම ඇහෙන්න මගුල් බෙරේ ගහමු ඔන්...

    ReplyDelete
  8. @ චතුමිතු . .
    අඩේ අප්පා. සිදාදියේ හුරාලා මක්කැයි මේ කීන්නේ. මගේ හඳුං පොත කීං ගෑවා නොවැ . ඒ ඇත්තී බහක් දෙනවා කීලා හිතනකොටත් මයේ අප්පේ මට සතුට වාවනු බැරුවා නොවැ . .

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .