Sunday, July 3, 2011

ආලය . . .



සිහිපත් කලේමි හද හඩනා තුරාවට 
පෙම් පත් ලිවේ අත රිදෙනා තුරාවට
ඔය ගල් හදට මේය නොදැනුන නිසාවට
ආලය කරමි සැමදා හුදකලාවට


10 comments:

  1. ආලය කරමි හැමදා හුදෙකලාව
    ඔය හිතට ආදරය දැනෙනා තුරාවට
    නුඹ සෙනෙහස සොයනා දිනක් එන තුරාවට
    මම බලා හිදිමි ආදරේ තියෙන තුරාවට..

    ReplyDelete
  2. හුදකලාවට ආදරේ කරන්න පුලුවන්ද කියලා මම නම් දන්නේ නෑ. ඒත් පුලුවන් අයත් ඇති නේ. :)

    ReplyDelete
  3. සිහිපත් කළත් ලං වූ විට දුක් දේ නම්
    පෙම් පත් ලියා දුක් පුරවන්නට බෑ දැන්
    හදට දැණුනු නුඹෙ සෙනෙහස සඟවා මං
    නුඹ වෙනුවෙන්ම ආලය සඟවා ඉන්නම්..

    ලස්සනම් නිර්මාණයක් සිතූ...

    ReplyDelete
  4. සිහිපත් කරන්නේ ඇයි හද හැඩේ නම්
    පෙම් පත් ලියන්නේ ඇයි අත රිදේ නම්
    ඔය ගල් හිතට මෙය නොදැනෙන් නේ නම්
    ආලය කරනු කිම සැමදා හුදකලාවේ නම්

    ReplyDelete
  5. @ dinesh . . .
    කොයිතරම් නම් කාලයක් බලා හිදින්නද මම . . . :D

    ReplyDelete
  6. @ මධුරංග . ..
    නොලැබෙනා අදරයක් උදෙසා කදුලු සලනවාට වඩා , හුදකලාවි එ හුදකලාවත් සමඟ ජිවත් විම මටනම් සැපක් . . . :D

    ReplyDelete
  7. @ හංසි . . .
    බොහොමත් ස්තුති යාලු කොමන්ටුවට . . . :)

    ReplyDelete
  8. @ චතු මිතු . .
    සිහිපත් කලේ හද තුල රුව ඇති හින්දා
    පෙම් පත් ලිවේ මගේ පෙම පහදනු හින්දා
    පෙර කරුමයට ඔය හද ගල් වුන හින්දා
    ආලයේ මිහිර නොවිදම තනි වෙමි සැමදා

    ස්තුති යාලු . . :)

    ReplyDelete
  9. සිහිපත් කරන් හද තුල රුව ගුණ රන්දා,
    පෙම් පත් ලියා උබේ පෙම පහදා රන්දා,
    පෙර පිනකට මගේ හද උණු වී හින්දා,
    දීපන් ඔන්න ඔහේ ආලය මට බන්දා,

    ReplyDelete
  10. @ නරක සමනලයා . ..
    . . . . . . :P ස්තුතියි සමනලයා ඔයාට ගොඩක්. :)

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .