දැනුනත් සුවඳ පෙර ලෙසටම සිතට මගේ
තනිකම පාලුවත් පොදි බැඳ සිතෙහි මගේ
දුවලා එන්න හිත කියනවා ලගට නුඹේ
එන්නද අම්මේ පෙරදා සේ තුරුලටම නුඹේ
අතගා මගේ හිස හොදහැටි දුක විමසා
අනලා කවනවද බත් පිඬ පෙර ලෙසටා
දිනලා මගේ ලොව ජය ගෙන එන දවසා
සිටිනවා නේද අම්මේ පෙර මඟට වෙලා
පවුලක දැනෙන බර කරපිට දැනෙනවට
ReplyDeleteකාසි සොයන් පිට රටකට ඉගිළුනට
ඉන්නේ කෝම මතකය හිත රැඳෙනකොට
හිතෙනවා නේන්නම් දුව තුරුලට එන්ට
ලස්සන පැබැඳුමක් සිතූ . . .
උකුලට නාවත් එදා වගේ
ReplyDeleteමා පොඩි පුතු අම්මේ
ලස්සන කවි සංකල්පනාවක්. කවියේ අන්තිම ටික කියවගෙන යනකොට, මට ගුණදාස කපුගේ ගේ ගීයක් මතක් උනා.
ReplyDelete"මං එනතුරු ඉදිකඩ ලන්නග් ඉන්නවාද අම්මේ...."
හරිම අපූරුවට ලිය උන කවි පෙලක්... ලස්සනයි...
ReplyDelete@ සුශාන් . .
ReplyDeleteස්තුතියි ඔබට . .
@ All in one . . .
ReplyDeleteඅපි කොච්චර ලොකු උනත් හැමදාමත් අපේ දෙමාපියන්ගේ පුංචි පැටවු තමයි . . ස්තුතියි ඔබට දක්වපු සහයොගයට . .
@ මධුරංග . .
ReplyDeleteමේක මගේ හිතට මගේ අම්මා ගැන ඇතිවුන හැගිමක්. ඇත්තෙන්ම මම මේ කවි පන්තිය පද බැන්දේ මගේ අම්මාට, ස්තුතියි යාලු ඔයාට බොහොමත්.
@ Dinesh....
ReplyDeleteහදවතින්ම ආපු හැගිමක් එක නිසා වෙන්න ඇති. ස්තුතියි යාලු ඔයාට..