Thursday, July 7, 2011

රැල්ල . . .




ස්කයිප් , ෆේස්බුක්
අතු අතර මල් කඩන
අපේ උන් අතු කඩං
වැටෙනකං අතු පතර

ඔන්ලයින් ඕෆ්ලයින්
අතර ගෙවෙනා මෙවන්
ජීවිත නම් කොයි තරම්
ඇත්ද තව අපි අතර

මොඩර්න් වුණු වචන වල
සඟවලා ආදරය
කොමෙන්ට් කර ලයික් කර
ඇත තාම රඳවගෙන

වෙන තරම් මොඩර්නයිස්
හිඳී ඈ නැවතිලා
පට්ට මරු වචන දැක
යාවි ඇය නික්මිලා

පෙම්වතිය ගැන මෙහෙම
හිතන පෙම්වන්තලා
දෙවෙනි නෑ කිසිම විට
චැට් ලිස්ට්ස් ගොඩගසා

8 comments:

  1. අපොයි ඔව්. මෙහෙම චැට් කරන පෙම්වතුන් සයිබර් අවකාශේ ඔන තරම් හොයා ගන්නවා.

    ඩොංගල් එකට පයින් ගැහුවොත් එහෙම අය 10ක් 15ක් විසික් වෙනවා. :)

    ReplyDelete
  2. විනාඩියකට හරි ඔන්ලයින්
    එනතුරු දැස් යොමාගෙන
    මමත් හිටි දවස් බොහොමයි
    මුහුණු පොතට වී තනියම...

    ReplyDelete
  3. සිතු මේක නං මටම්ද කොහෙද කියල තියෙන්නේ....හිටු මං පියබල එනවා ඔහෙට සමනලුන්ට වෙඩි තියන්න..

    මුනුපොතේ පිටුව පුරා online කස්ටිය...
    මට චැට් කරන්න නැ කවුරුත්....
    skype එකේ පිරිලා හොදටම කස්ටිය...
    මට කතා කරන්න නැ කවුරුත්...

    ඉදපන් මම එපා කියා කියා ඉදපු.....
    Google + වලටම ගිහින් කඩනවා මල්....

    ReplyDelete
  4. " මල් තියෙන්නේ කාට කාට " කියලා මම නං ඉතින් කියන්න යන්නේ නෑ ඕං . . . මොකද " විශ තුඩු ඇති බඹරු ඇත වටේ " නෙවැ . . . ඇනුම් පාරවල් කන්න වෙනවා අපි මල් කැඩුවට බොට මොකෑ කියලා . . :P . සිතූටත් හිතෙන දේවල් .

    නරක සමනළයා ,
    ඔහෙ හිටූ . . .
    නුඹට බෑ ලංවෙන්න
    සිතු මල නුඹෙ නොවේ
    හිතුනට ලං වෙන්න . . . :P

    ReplyDelete
  5. @ මධුරංග . .
    හරියට හරි ඔයාගේ කතාව. කවදත් වගේ අදත් මගේ හද පිරි ස්තුතිය ඔයාට යාලු . .

    ReplyDelete
  6. @ Dinesh . .
    නුඹ මෙන්ම තවත් අය
    ඒ ලෙසට හිටින්නැති
    දැස් රිදෙනා තුරා
    මුහුණු පොත වෙත නෙත් යොමා

    ස්තුතියි යාලු ඔබට ලස්සන කවියකින් මට දක්වපු සහයොගයට.

    ReplyDelete
  7. @ නරක සමනලයා
    ඔව් ඔව් ඔයාට තමයි කිවේ. ඒත් අවුලකට තියෙන්නේ මම අහිංසකයි. එක නිසා මම සමනලුන්ට වෙඩි තියන්නේ නැහැ. . .:P
    ස්තුතියි යාලු ඔයාට ගොඩාක් මට දක්වන සහයොගයට හැමදාමත් . . :)

    ReplyDelete
  8. @ සුශාන් . .
    හේ . . හේ . .හේ . . ගැලවිජ්ජාව හැමදෙටම වඩා වටිනවා කියලා කියමනකුත් තියෙනවා නේද . . :P
    බොහොමත් ස්තුති ඔබට මට දක්වන සහයොගයට . .

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .