Wednesday, July 20, 2011

මගේ දුවේ . . .

වදන් වැල් ගැලපිලා 
කවි රටා මැවුන කල් 
පුංචි නුඹෙ දෙනෙත් යුග 
නිබදවම මට පෙනේ

පියෙක් නැති ලොවක් තුළ 
කුසදරා නුඹ අනේ 
මවු පියන් දෙදෙනගෙම 
සෙනෙහසින් නැහැවුවේ  

අසම්මත පෙමක් ලඟ 
සිතක් පැටලුන දිනේ 
පුංචි නුඹ මෙමන් දුන් 
නොයෙක් දුක් ඉහිලුවේ

නුඹේ ඒ ළමාවිය 
අනේ වියැකී ගියේ 
මගෙන් ලැබු හිරිහැරෙන් 
පිරී ඉතිරුන ලෙසේ

අසම්මතයේ පෙමක ඇති 
කම් සුවය හැඳිනුවෙමි 
හිස් බවක් මිස කිසිත් 
එහි නැතෙයිවැටහුනෙහි  

අද පටන් මම සිටිමි 
නුඹේ සෙවනැල්ලසේ 
ආයෙනම් වැටෙන්නෑ  
කඳුළු බිදු නුඹෙ නෙතේ
  
මගේ ලොව මින් මතුව  
නුඹ පමණි සුදු දුවේ 
හැකි කමක් තිබුනොතින් 
දුන මැනවි මට සමා  

ලොවේ යම් කිසි දිනක 
නුඹ මවක් වු දිනේ 
වැටහේවි මගෙ දුකම 
නුඹේ ඔය පපුතුරේ

6 comments:

  1. අසම්මත පෙමක පැටලෙන්න කලින් ගෑනු ලමයෙක් හිතන්න ඕනේ කවදාහරි ඒයැයි දාලා ගියොත් තමන් තනි වෙන බව !!!!
    කතාවට කියනවා කොල්ලෙක්ව නාවලා ගෙට ගත්තම හරි ලු. ඒත් කෙල්ලෙක්ට එහෙම බෑ ලු. !!!!!!

    ReplyDelete
  2. ආදරයට සම්මත , අසම්මත කියලා ලේබල් ගහන්න බෑ මම හිතන විදියට . ආදරේ කිසිම වරදක් නෑ. වරද තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ හිත්වල . කෙනෙක් කරන කැනහිලි වැඩ නිසා ආදරයට එක එක ලේබල් වදිනවා විතරක් නෙවෙයි , ජීවිත අන්ත අසරණ තත්වෙකට ඇදවැටෙනවා . . .

    ReplyDelete
  3. @ මදුරංග . . .
    මම හිතන්නේ ඔයා අසම්මතය ගැන බලන්නේ සාම්ප්‍රදායික කෝනයකින් කියලා.මෙතනදි ගැණු ලමයින්ටම විතරක් දොස් කියන එක සාදාරන නැහැ කියලා මට හිතෙනවා. නමුත් ඔයා කියන කතාවෙ සතය තාවයකුත් තියෙනවා එක මම පිලිගන්නවා . කොහොම නමුත් ඔයාට ගොඩාක් ස්තුතියි . .

    ReplyDelete
  4. @ සුශාන් . .
    ඔව් . . ඔයා කියන අදහසට මමත් එකඟ වෙනවා.ගොඩාක් ස්තුතියි ඔයාට.

    ReplyDelete
  5. මව්නි නුබ මට
    හව් හරණ විය
    පිය නොමැති දා
    මේ ලොවේ..

    කුමන ඵල මට
    නුබත් හිමි නැති
    අසරණයි මම
    මේ ලොවේ..

    අද සිටන්වත්
    එකට එක්වි
    ඉදිමු අම්මේ
    මේ ලොවේ..

    දෝශ වූවත්
    හොදම අම්මා
    නුබයි මටනම්
    මේ ලොවේ..

    අම්මේ නුබ මගේ ප්‍රානයයි..

    දූ පැටියෙක්ට අම්මා තරම් වටින කෙනෙක් මේ ලෝකේ නෑ..මුල්ම ගුරුවරිය ඇය..එකම හව් හරණ ඇය..

    අම්මා කෙනෙක්ටත් වෙන වස්තුවක් මොකටද රටක් වටින දු පැටියෙක් ඉන්නවනම්.. රටක් වටින කිරි හිනා මදැයි ජීවත් වෙන්න..හිස් අතින් විත් හිස් අතින් යන්න එන..එකම ආදරය..මව් දෙමව්පියන්ගෙයි,රත්තරන් දරු පැටව්න්ගේ ආදරය විතරයි..

    ReplyDelete
  6. @ අසනි ...
    ඔයාගේ කතාව හරියට හරි. අම්මා කෙනෙකුට තව මොනවටද වෙන වස්තු රටක් වටින දුවක් ඉන්නවිට.ස්තුති සහෝ බොහොමත්. හරිම ලස්සන පිලිතුරු පදපෙලක් . .

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .