Sunday, July 24, 2011

කුචි , කිචි සහ කිති . . .

සිත කිචි කැවෙන තරමට
නුඹ කුචි කවයි ලඟ ඉඳ
මට කිති දැනෙයි හරියට
ලඟක ඉන්න බැරි තරමට

කුචි කියයි සමහරු
කිති කියයි ඇතැමුද
කිචි කියලා කිව්වද
එකම ලෙස හිරිවැටෙනවාමය

අකුරු පද වෙනසක් වුවද නෙක
හැඟීමක වෙනසක් වනුද නැත
මට ඔබට කාටත් එකම ලෙස
දැනෙනවාමය කිචිය හරියට

7 comments:

  1. ඔය තරමට..අ..අ..අ. . .අ . . . . අ. . . . . කිචිද . . . :පී

    ReplyDelete
  2. කිව්වට මොකෝ මටනම් ඔය කිති කියන දේ නෑනේ. :)

    ReplyDelete
  3. හිරි වැටීම නං හැටිමය..
    ආසාවේ නං බැරිමය..
    වැටෙන්නට නං කිතිමය...
    නැත ගිහින් දැන් කල්මය..

    කිතිය නං හොද නැතිවට...
    ඇරගැනීම නං නුවනට..
    හදේ පැණි කන දවසට..
    කිතිය හිටිදෝ හරහට..

    ReplyDelete
  4. @ සුශාන් . . අනේ නෑ . . . කිචි නෙවෙයි කුචි . . :P

    ReplyDelete
  5. @ මධුරංග . . .
    . . . :O ඇත්තද ? ? ? ? ?

    ReplyDelete
  6. @ නරක සමනලයා . . .
    . . . . . . . :O
    නැහැ නැහැ එහෙම වෙන එකක් නැහැ ඔයාට මම හිතන්නේ . . :P

    ReplyDelete
  7. ජය....මාත් හිතන්නේ..ඔව්
    එකනේ කලින්ම කිවේ
    _______________________
    හිරි වැටීම නං හැටිමය..
    ආසාවේ නං බැරිමය..
    වැටෙන්නට නං කිතිමය...
    නැත ගිහින් දැන් කල්මය..

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .