Tuesday, August 2, 2011

නුඹට මට සම්මත ලොවට අසම්මත . . .


පුංචි පුතු පාසලට
ගෙනගිය ඇසිල්ලෙන්
දුව ආවෙමි පෙරදිනේ
නුඹේ ඔය උණුහුමට 

ඒත් අද 
මා හිමිට ඉවවැටි
අපට සම්මත වු
ලොවට අසම්මත වු
අපේ ඒ ආදරේ 

ඉඩක් නැහැ ලඟක 
දැන් ඉතින් හමුවන්න 
පෙර ලෙසක
තුරුල් කර මතකයන්
පපුතුරේ සඟවගෙන
නිහඬවම ඉවසමිය
රැකගන්න මා 
දරාගත් කුටුම්බය 

10 comments:

  1. ආදරයට සම්මත අසම්මත කියලා ලේබල් කළ දෙවිදියක ආදරයක් නම් මම පිළිගන්නේ නෑ . සමාජයෙන් එක එක ලේබල් වැදුනට ආදරය කියන්නේ හැගීමක් . ඒක ලොකුද පොඩිද එහෙමත් නැත්නම් තරුණද මහලුද බේදයක් නැතුව ඕනම කෙනෙකුගේ හිත් තුළ එකසේ ඇතිවන්නක් . ඒත් අපිට ජීවිතයේදී ඇතිවන බැඳීම් නිසා හැමදෙයක්ම ජීවිතයට බදාගන්න බෑ . එනිසාම ආදරය කියන හැගීම නිරන්තරයෙන්ම කැපකිරීම කියන දේත් එක්කම බැඳුනක් බැවු නම් නිතැතින්ම පිළිගන්නවා . . .

    ReplyDelete
  2. මට නම් හිතෙන්නේ ආදරයක් අසම්මතයි සම්මතයි කියලා දෙයක් නෑ කියලා. එහෙම හිතන්නේ පිටින් ඉදලා බලන කෙනෙක් විතරය්. ආදරේ කරන කෙනා නෙමෙයි.

    ලස්සන කවි සිතුවිල්ලක් !!!!

    ReplyDelete
  3. අම්මට හුඩූ... ඔය තියෙන සිතුමි අක්කෙ... ලෙසටම... තව ටිකක් සැරට ලියන්න ඕනෙ ඔයවගේ ඒව වදින්න (පෞද්ගලික අදහසක් පමනි)
    ඇත්ත තමයි ඔය ආදරේට අසම්මත් කියල නම් දාගන්නෙ ඒකට තම්න්ට අවස්තාව නැති එකේ ඉරිසියාවට... සමහර විට එයාල දන්නෙත් නැතුව ඇති ඒ ඉරිසියාව කියල... කන්‍යාභාවය කියන්නෙත් අවස්තාවක් නැති එක කියලයි මමනම් පිලගන්නෙ... ජයවේවා ...!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. නියමයි සිතුමි අක්කේ,, සම්මත අසම්මත කියලා බැඳීමකට සීමාවක් දාන්න බෑ නේද?

    ReplyDelete
  6. @ සුශාන්...
    මම හිතනවා මමත් ඔයාගේ මතයට එකඟ බව.. සම්මත අසම්මත කියන දෙයින් ආදරය කොටුකරන්න බැහැ කියලා මම නම් හිතන්නේ..

    ReplyDelete
  7. @ මධුරංග
    ඔයා හරි සහෝ... මමත් දකින්නේ ඔය දෙයමයි..

    ReplyDelete
  8. @ පොඩි මෑන්..
    ම්..ම් .. පොඩි එකාටත් යමක් කමක් තෙරේනවා නේද දැන්.. හ්ම්ම්මෙවුනත් මේකා නම් දැන් ගානට වැඩි වගේද කියලත් හිතෙනවා වෙලාවකට..:P :P :P

    ReplyDelete
  9. @ නරක සමනලයා....
    හ්ම්...
    හැමදා හැමවිට පැතුවෙමි මා
    ඒත්
    හැමදාම අහිමි වුයේත් එයයි මට
    ඒ. . .
    ජය . .

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .