Monday, October 17, 2011

මතකය අතර . . .

______________________________

මිය ගිය මා සිත
රැගෙන සුසානෙට
පිය මනිනා කළ
දුටුවෙමි නුඹ රුව

මදකට නැවතී
බැලුවෙමි ඒ දෙස
මිය ගිය මා සිත
නැවතත් ගැස්සින

පෙරදා මා හා
අතිනත ගෙන නුඹ
පිය නැන ගිය මඟ
ඇය අත ගෙන ඇත

නුඹ නැති ලොව තුළ
ඉඩ නැත වෙනෙකුට
කී නුඹ දැයි මේ
වැටහුනෙ නැත මට

සිතුවෙමි මා නෙතු
රැවටි ඇති බැව්
මේ නුඹ නොවෙතැයි
සිත පැවසුවෙ මට

ඒ ලෙස සිතමින් සොඳ සැටි බැලු කළ
නුඹ මා කර ලූ ඒ සුදු මාලය
ඇයගේ ගෙලවට රඟදෙන දිස්නෙට
ලොවම දිටිමි මම බොඳවුණු දෑසෙම

_______________________________

7 comments:

  1. නුබේ වදන් බොරුවක් බව
    දැක්කා මං අවසන් ගමන යන දින
    මේ ඇත්ත දුටුවනම් මම මුලදිම
    යලි නොයෙන මං යාවිද මං අද..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. a nice poem. keep going...
    dont forget to visit us too..
    charithwg.blogspot.com

    ReplyDelete
  4. ලස්සන කවි සිතුවිල්ලක්. කාව වත් ඕනවට වඩා විස්වාස කරන්න එපා නංගි. මොකෝ කාලෙකින් ? විභාග එහෙම තිබ්බද ? :)

    ReplyDelete
  5. @ මධුරංග..
    බොහොමත් ස්තුතියි ඔයාට.. අනේ නැහැ ..මගේ මේ බ්ලෝග් එකට පොස්ට් දාන්න බැරිව තිබුනා.. දන්න කෙනෙක්ට කියලා දැන් එක හදා ගත්තා.. ස්තුතියි හැමදාටමත් මට දක්වන සහයොගයට .. :)

    ReplyDelete
  6. @Dinesh..
    ලස්සනම ලස්සන කොමේන්ටුවක්..ස්තුතියි ඔබට කවදත් මට දක්වන සහයොගයට ...

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .