______________________________
මිය ගිය මා සිත
රැගෙන සුසානෙට
පිය මනිනා කළ
දුටුවෙමි නුඹ රුව
මදකට නැවතී
බැලුවෙමි ඒ දෙස
මිය ගිය මා සිත
නැවතත් ගැස්සින
පෙරදා මා හා
අතිනත ගෙන නුඹ
පිය නැන ගිය මඟ
ඇය අත ගෙන ඇත
නුඹ නැති ලොව තුළ
ඉඩ නැත වෙනෙකුට
කී නුඹ දැයි මේ
වැටහුනෙ නැත මට
සිතුවෙමි මා නෙතු
රැවටි ඇති බැව්
මේ නුඹ නොවෙතැයි
සිත පැවසුවෙ මට
ඒ ලෙස සිතමින් සොඳ සැටි බැලු කළ
නුඹ මා කර ලූ ඒ සුදු මාලය
ඇයගේ ගෙලවට රඟදෙන දිස්නෙට
ලොවම දිටිමි මම බොඳවුණු දෑසෙම
_______________________________
නුබේ වදන් බොරුවක් බව
ReplyDeleteදැක්කා මං අවසන් ගමන යන දින
මේ ඇත්ත දුටුවනම් මම මුලදිම
යලි නොයෙන මං යාවිද මං අද..
This comment has been removed by the author.
ReplyDeletea nice poem. keep going...
ReplyDeletedont forget to visit us too..
charithwg.blogspot.com
ලස්සන කවි සිතුවිල්ලක්. කාව වත් ඕනවට වඩා විස්වාස කරන්න එපා නංගි. මොකෝ කාලෙකින් ? විභාග එහෙම තිබ්බද ? :)
ReplyDelete@ මධුරංග..
ReplyDeleteබොහොමත් ස්තුතියි ඔයාට.. අනේ නැහැ ..මගේ මේ බ්ලෝග් එකට පොස්ට් දාන්න බැරිව තිබුනා.. දන්න කෙනෙක්ට කියලා දැන් එක හදා ගත්තා.. ස්තුතියි හැමදාටමත් මට දක්වන සහයොගයට .. :)
@Dinesh..
ReplyDeleteලස්සනම ලස්සන කොමේන්ටුවක්..ස්තුතියි ඔබට කවදත් මට දක්වන සහයොගයට ...
@ charith ...
ReplyDeletethanx dear .. i will do it :)