සිතල හිම වැහි වසින සැදෑවක
කවුළුව අතරින් දෙනෙත් යොමාගෙන...
සිත තුල වදදෙන සිතුවිලි සිර කොට,
දොරගුළු ලැවෙමි පිටත නොඑන්නට.
පාළුව තනිකම සැඟවී කඳුලක,
දෙනෙතම බොඳකර නහවයි දෙකපොලු...
වදනට නොනැගෙන හිස්බව තුල හිඳ,
සොයනෙමි අරමුණු ජිවත් වන්නට,
අත්වැල් අල්ල්ලන් දිවිමග යන්නට,
ලගින් සිටිය නුඹ නැත මා ළඟ අද..
මතකය පමණක් ඉතිරිව ඇත මට,
ජිවත් වන්නට ඒ තුල සැඟවී...
අත්වැල් අල්ලගෙන යන්න කවුරුවත් නැති එකත් දුකයි තමා !!
ReplyDelete@ මධුරංග . .
ReplyDeleteඔයා හරි අපි හැමෝම ආදරය ලබන්න, විදින්න හරිම ලෝබයි. එහෙම නැති වුනාම දුකයි ..
ලස්සන කවි පෙල.. මටත් නෑනේ ඔහොම අත්වැල් අල්ලන් යන්න කෙනෙක්...
ReplyDelete@ Dinesh . .
ReplyDeleteඅනේ පවු ඔයා.ලඟදිම හමුවෙයි අත්වැල් අල්ලන් යන්න හොද කෙනේක් .
හම්බවෙයි කියලා තමා මාත් බලාගෙන ඉන්නේ :)
ReplyDeleteඅත අතරුණා අනේ
ReplyDelete