සිනා සලනට
ඇවසිමුත් මට
නුඹත් සමඟින්
එකට එක් වි
ලොවේ නොයෙකුත්
චොදනා මැද
සිනා සෙන්නද
කෙලෙස මා අද
නුඹේ අත ගෙන
අපේ ලොව වෙත
පිය නඟන්නට
හැකිය දවසක
සියලු බාධා
කෙසේ හෝ බිඳ
සිතට සතුටක්
රඳවමින් නුඹේ
දිනෙක නිසැකව
නුඹව කැන්දන්
මිහිරි ලොවකට
ගෙන යමි මම
Tuesday, June 28, 2011
පියානණි . . .
සෙනෙහසින් ඉතිරුණු
මතක පොදි තුරුලුකර
බලා හිඳිනෙමි සිතින්
අතීතයක අභිමන
වත්මනට පය තැබූ
පියවරක් පසුපසම
සිටියා නුඹ නිතැතින්ම
අපමණක සෙනෙහසින්
හැර ගොසිනි හැමදාට
ජීවිතය මෙයයි යන
අකුරු කෙරු පාඩම්ද
දිවිමඟට තුරුලුකර
පියානණී නුඹ ලඟක
නැතත් මට සිපගන්න
සිතින් හැමදාකදිම
සිපගනිමි සෙනෙහෙන්ම
මතක පොදි තුරුලුකර
බලා හිඳිනෙමි සිතින්
අතීතයක අභිමන
වත්මනට පය තැබූ
පියවරක් පසුපසම
සිටියා නුඹ නිතැතින්ම
අපමණක සෙනෙහසින්
හැර ගොසිනි හැමදාට
ජීවිතය මෙයයි යන
අකුරු කෙරු පාඩම්ද
දිවිමඟට තුරුලුකර
පියානණී නුඹ ලඟක
නැතත් මට සිපගන්න
සිතින් හැමදාකදිම
සිපගනිමි සෙනෙහෙන්ම
Sunday, June 26, 2011
පන්දාහ . . .

අවමය හයදහ නිසා උන් හයදහ දුන්නා
දාහේ කොලේ පන්දහ ලඟ තනි රැක්කා
ඉස්සර නම් කොල හයක්ම අතේ රැඳුනා
දැන් නෑ බරට කොල දෙකකුයි ඇතෙ රැඳිලා
ගන්නට දසකුත් දේ හිතෙ ඇත පෙලගැහිලා
කඩෙකින් කඩේකට පියමැන මිල විමසනවා
කොල දෙකෙ හෑල්ලුව හිත යට තෙරපෙනවා
පන්දහ මාරුවෙන්නට තව කල් යනවා
ඉඳලා ඉඳලා පන්දහේ මාරුව වෙනවා
හාලුත් තුනපහත් ටික ටික මල්ලට යනවා
පොඩිපුතු මතක් වෙනකොට මගේ හිත දනවා
අවුරුදු කන්න උන් මඟ හිඳ හිනැහෙනවා
දන්නවා හොඳට මාපිය සැලකිලිද මම
අතමිට නැහැනේ ගන්නට දේ ඇතත් හිත
නුඹලට එදා වාගෙම පෙම රන්දාගෙන
එනවා ගමට මද්දුම මම හිඳීගෙන
කැන්දන් ඇවිත් නුඹටත් මම දුක දුන්නා
තරහක් නැතත් දුක ඇති නුඹ ලඟ රැඳිලා
මොනවා කරන්නද දුක අප අතරට වැදිලා
එක්වී හිඳිමු පොඩිඋන් ගැන හිත් මවලා
තව පන්සියකට වැඩියෙන් නෑ අතේ රැඳී
පන්දහේ කොලේ හැඩවත් මට මතක නැතී
හිතට නැතත් අතවත් අපේ පිරෙනු වටී
දෙන්නට බැරිද පන්දහ තව පුංචි කෙරී
Friday, June 24, 2011
සයිබරයේ අපේ පෙම . . .
chat box එක පුරාවට
විහිදුණාවූ නුඹේ වදන් තුළ
සොයමි මා නුඹේ රුව
පෙල ගැසුණු Emmotion වල
දකින්නට වෙරදරමි
නුඹේ සිනා මුව මඬල
විඳින්නට නොහැකිබව
දැන දැනත් නුඹේ උණුහුම
මුහුණු පොතේ බිත්තියක
තනිවෙලා මගේ පෙම
Hi , Bye වදන් තුළ
තෙරපිලා යෞවනේ
ඇහි පිය රිදෙන තුරු
මුහුණු පොතට නෙත්යොමා
සයිබරයේ තනිවෙලා
Tuesday, June 21, 2011
තාරකා නුඹ . . .
නුඹ ,
සැබෑවෙන්න තරමට
වරම් අහිමිවුණු
පෙනි පෙනී බොදවන
සිහිනයක පෑයු
එකම එක තාරකාවක්
හිනාවෙන්න කතාකරලා
හිත පිරෙන්න හිනස්සලා
ඒ තරමට කඳුලු දීලා
යන්න යනවා
. . හැමදාකම . .
Saturday, June 18, 2011
දෙව් රජුවත් දුටුවේ නැත . . .
මහානර්ඝ පුජාවට්ටි
නෙක වර්ණ පලතුරු
ඉස්තරම් සුවඳ දුම්
දෙදහෙ දාහෙ කොල
බැතිබර වී හිස මුදුනේ
ඇතු මත දලදාව වගේ
පුදදෙන්නට දෙවිඳුන් හට
පෝලිමෙහි පොදිකමින්
එකිනෙකා පරයන්න
වෙරදරන ගැත්තන්
කුලල් කාගනිමින්
ඇත මී මැසි කැල වගේ
රතු තිරයෙන් වට කෙරිච්ච
සුවඳ කපුරු දුම් පිරිච්ච
කුටියේ සැඟවී දෙවියන්
නරපනුවන්ගේ යාදිති
අසා අවුල් වූ මනසින්
නිහඬ වෙලාදෝ
දාහෙ දෙදහෙ කොල
කැවිලි පෙවිලි පළතුරු සැම
දෙවුකුටියේ පිරීයද්දි
දේවාලේ ඇස් මානත
කුසගිනි වැද හඬා වැටෙන
දරු පැටවුන්ගෙ මුහුනත
රූටන සීතල කඳුලත
දෙවි රජුවත් දුටුවේ නැත
නෙක වර්ණ පලතුරු
ඉස්තරම් සුවඳ දුම්
දෙදහෙ දාහෙ කොල
බැතිබර වී හිස මුදුනේ
ඇතු මත දලදාව වගේ
පුදදෙන්නට දෙවිඳුන් හට
පෝලිමෙහි පොදිකමින්
එකිනෙකා පරයන්න
වෙරදරන ගැත්තන්
කුලල් කාගනිමින්
ඇත මී මැසි කැල වගේ
රතු තිරයෙන් වට කෙරිච්ච
සුවඳ කපුරු දුම් පිරිච්ච
කුටියේ සැඟවී දෙවියන්
නරපනුවන්ගේ යාදිති
අසා අවුල් වූ මනසින්
නිහඬ වෙලාදෝ
දාහෙ දෙදහෙ කොල
කැවිලි පෙවිලි පළතුරු සැම
දෙවුකුටියේ පිරීයද්දි
දේවාලේ ඇස් මානත
කුසගිනි වැද හඬා වැටෙන
දරු පැටවුන්ගෙ මුහුනත
රූටන සීතල කඳුලත
දෙවි රජුවත් දුටුවේ නැත
Monday, June 13, 2011
Subscribe to:
Posts (Atom)
