
අවමය හයදහ නිසා උන් හයදහ දුන්නා
දාහේ කොලේ පන්දහ ලඟ තනි රැක්කා
ඉස්සර නම් කොල හයක්ම අතේ රැඳුනා
දැන් නෑ බරට කොල දෙකකුයි ඇතෙ රැඳිලා
ගන්නට දසකුත් දේ හිතෙ ඇත පෙලගැහිලා
කඩෙකින් කඩේකට පියමැන මිල විමසනවා
කොල දෙකෙ හෑල්ලුව හිත යට තෙරපෙනවා
පන්දහ මාරුවෙන්නට තව කල් යනවා
ඉඳලා ඉඳලා පන්දහේ මාරුව වෙනවා
හාලුත් තුනපහත් ටික ටික මල්ලට යනවා
පොඩිපුතු මතක් වෙනකොට මගේ හිත දනවා
අවුරුදු කන්න උන් මඟ හිඳ හිනැහෙනවා
දන්නවා හොඳට මාපිය සැලකිලිද මම
අතමිට නැහැනේ ගන්නට දේ ඇතත් හිත
නුඹලට එදා වාගෙම පෙම රන්දාගෙන
එනවා ගමට මද්දුම මම හිඳීගෙන
කැන්දන් ඇවිත් නුඹටත් මම දුක දුන්නා
තරහක් නැතත් දුක ඇති නුඹ ලඟ රැඳිලා
මොනවා කරන්නද දුක අප අතරට වැදිලා
එක්වී හිඳිමු පොඩිඋන් ගැන හිත් මවලා
තව පන්සියකට වැඩියෙන් නෑ අතේ රැඳී
පන්දහේ කොලේ හැඩවත් මට මතක නැතී
හිතට නැතත් අතවත් අපේ පිරෙනු වටී
දෙන්නට බැරිද පන්දහ තව පුංචි කෙරී
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි
ReplyDeleteඇත්ත තමයි නංගි. දුප්පත් කමට මොනා කරන්නද ?
ReplyDeleteමොන කරන්නද සිතු.අපි නං ඔහොම කිවත් කමක් නැ...බොරු කියන්නේ නරක ළමයි....hikz
ReplyDeleteහ්ම්ම්.. දුප්පත්කම...
ReplyDeleteමුදලේ අගය එක තැන අද පල් වෙනවා
ReplyDeleteබඩු මිල නම් දින දින ඉහලට යනවා
ලියු කව අපහට හැමදාමත් හරියනවා
කවිය හැඩයි මම දහසක් තුටු වෙනවා
@ All IN ONE : ඒක ඇත්ත නේ . තව ඉස්සරහට දුප්පතාට මොනවා නම් වේවිද . . .
ReplyDelete@ මධුර : හ්ම්ම්ම් . . .:)
ReplyDeleteස්තූතියි ඔබටත් . . .
@ නරක සමනලයා : . . . :P
ReplyDeleteඅපි කවුරුත් එකම බෝට්ටුවේ නෙවැ . . .
@ ප්රාර්ථනා : හ්ම්ම්ම් . . . . :)
ReplyDelete@ චතුමිතු : ස්තූතියි යාළු . . .
ReplyDeleteඅපූරුයි පිළිතුරු කවියත් . . . :)
ලස්සනයි නංගියෝ,,,,,
ReplyDelete@ පුබුදු : ස්තූතියි අයියේ . . .
ReplyDelete