Thursday, June 9, 2011

හැමදාට එක සිතින් . . .

දහසකුත් කවි පද
ගෙතෙනවා පිළිගන්න
නින්ද අහලක නැතිව
සොයනවා මුමුණන්න . . .

දුක් සුසුම් නෑ ලඟක
සිනාවක් අරක්ගෙන
වෙලාගෙන සියොලඟම
මටම මා නැති විලස . . .

සතුට ලඟ හිනාවක්
පැලඳුවා නුඹ නිතින්
දුක් සිතට සැනසීම
තැවරුවා නුඹ සිතින් . . .

මවෙත ආ නුඹ යලිත්
නොයනු මැන කිසිවිටත්
සැනසීම නුඹ ලඟම
නැවතිලා හැමවිටත් . . .

නපුරු යැයි ඇතැම්විට
පැවසුවත් නුඹ මුවින්
යාවිදෝ බිය මිසක්
නෑ නපුරු බව...

පැතුම . . .

ඇමුනුවත් අකුරු 
එකින් එක පෙලගසා
නොලියවුන කවක් ඇත
හදවතේ නැවතිලා . . .

අද මෙන්ම හෙට දිනත්
පැතු පැතුමන් සමග
හිදින්නම් නිහඩවම
නුඹ ලගම දැවටිලා . . . .

සුසුම් ගුලිකර

කප්පරකට හින පොදි
ගුලි කරන් මගේ සිතේ
නුඹ වෙතට ලං වෙලා
මුමුණන්න හිත් තියේ . . .

නුඹ ඇවිත් හොර හොරෙන්
හීනයක දැවටිලා
ආදරේ දුන්න සැටි
අපුරුයි ජිවිතේ . . .

අපි අපේ වි මෙසේ
හිත් තුලින් හැම දිනෙ
කවදා හෝ එක් වෙලා
ජය ගනිමු ජිවිතේ . . .

සඳුට . . .


ලියමි කවිපද ,
සඳු දෙස 
නෙතුයොමා . . .
විඳිමි ,
නුඹ රූ
මුළු සිත පුරා . . .
සිඹිමි ,
සිතැඳි රූ
තුරුලේ හොවා . . .
හිඳිනවද ,
හිනැහීම
ඝගනත අරා . .

නුඹේ පෙම . . .

කිරිල්ලියසේ 
විදහගෙන තටු
පියැඹුව කල
අතිතයේ මා . . . 

ලොවෙ නින්දා
ගැරහුමන් ලඟ
කඩා වැටුනෙමි
තටු බිඳි ගොස් . . .

මගේ ලොව වෙත
නූඹ පැමිණි කල
නැවත ලැබුනිය
මට මගේ තටු . . .

එපා සිතනට
අපේ පෙම මා
සිර කලා යැයි
නූඹේ ලොව තුල . . .

සාදා සැනසුම
මට මගේ ලොව
වෙනත් කිසි නැත
නුඹේ පෙම මිස . . .