Thursday, June 9, 2011

හැමදාට එක සිතින් . . .

දහසකුත් කවි පද
ගෙතෙනවා පිළිගන්න
නින්ද අහලක නැතිව
සොයනවා මුමුණන්න . . .

දුක් සුසුම් නෑ ලඟක
සිනාවක් අරක්ගෙන
වෙලාගෙන සියොලඟම
මටම මා නැති විලස . . .

සතුට ලඟ හිනාවක්
පැලඳුවා නුඹ නිතින්
දුක් සිතට සැනසීම
තැවරුවා නුඹ සිතින් . . .

මවෙත ආ නුඹ යලිත්
නොයනු මැන කිසිවිටත්
සැනසීම නුඹ ලඟම
නැවතිලා හැමවිටත් . . .

නපුරු යැයි ඇතැම්විට
පැවසුවත් නුඹ මුවින්
යාවිදෝ බිය මිසක්
නෑ නපුරු බව...

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .