Thursday, June 9, 2011

නුඹේ පෙම . . .

කිරිල්ලියසේ 
විදහගෙන තටු
පියැඹුව කල
අතිතයේ මා . . . 

ලොවෙ නින්දා
ගැරහුමන් ලඟ
කඩා වැටුනෙමි
තටු බිඳි ගොස් . . .

මගේ ලොව වෙත
නූඹ පැමිණි කල
නැවත ලැබුනිය
මට මගේ තටු . . .

එපා සිතනට
අපේ පෙම මා
සිර කලා යැයි
නූඹේ ලොව තුල . . .

සාදා සැනසුම
මට මගේ ලොව
වෙනත් කිසි නැත
නුඹේ පෙම මිස . . . 

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .