කුටියේ කවුලුවෙන් තරුකැට මම දුටුවා
එ දැක ඉබේ නුඹ මට සිහියට නැඟුනා
නුඹ කොහි සිටිදැයි සිතුවිලි තෙරපෙනවා
නුඹගේ සුවද නිතැතින් මා හද වෙළුනා
සැතපුම් දහස් ගණනක් දුර නොවැ ඉන්නේ
පියඹා එන්න සිතුවද මට තටු නැත්තේ
කුමක් කරනුදැයි මට නොම වැටහෙන්නේ
සුසුමක් හෙලා දුක වාවා ගත යුත්තේ
No comments:
Post a Comment
හිතෙන දේ අමුනන්න . .