Thursday, June 9, 2011

මල්සරා . . .

පෙම් හිතක් ඇත නුඹට
ඉඳහිටක හෝ බලනු
මම ඔබට පෙම් කරමි 
මෙලෙසකින් පවසලා . . .


මා ලඟට ලං වෙලා
කීව ඒ රස කතා
දැන් ඇතැයි ගොලු වෙලා . . .


බැන්ද පෙම ඉවතලා
යන්න යයි මඟ හැරා 
තව හදක් රවටන්න
ඉදියි මඟ බල බලා 
මල්සරා දුනු අරා
නැවත වඩිනා තුරා . . . 


චපල නුඹේ හද වෙතට
නැවත නම් දුණු අරා
නොවිදාවි කිසිදිනක
ඉතින් මේ මල්සරා . . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .