Friday, June 10, 2011

අම්මේ . . .

උදයේ හවා නුඹ සිහිවෙනවා අම්මේ
එන්නට හිතයි දුවගේන මේ එක පිම්මේ
සැතපුම් දහස් ගණනක් දුර සිටියත් අම්මේ
මම පොඩි දුවා පෙරදා මෙන් නුඹෙ අම්මේ . . .

ලේ කිරි පොවා ඇතිදැඩි කොට මා හැදුවා
ගුණදම් කියා සැමදා යහමඟ යැවුවා
නුඹෙ ගුණ වරුන කිමට මට වදන් නැතා
ලද හැකි විගස දුව එමි නුඹ ලඟට මෙමා . .

එනවිට නැවත මා පෙරලා නුඹ ලඟට
ඉනුමැන පෙරදා ලෙස මා තුරුලට ගන්ට
අම්මේ නුඹෙ තුරුලෙ සැතපි ඉන්ට
දැඟිලි ගනිමි හෙටදිනයෙහි එන්ට . . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .