Thursday, June 9, 2011

පතමි . . .

හදවත ඉකිළන හඬට අවදි වි
නෙතු නොනිදන රෑ තුන් යාමේ
මතකය අතරේ තනිවි ඔබෙ රුව
බොඳවි යයි මා හද විමනේ . . . . . 

දෙනෙත වැසුණු දින කොතැනක සිටියත්
සෙනෙහසින්ම මට ලංවිලා
නිහඬ කඳුලකින් සිප ගනු මැන වත
මතු බවයක හමුවෙමු කියලා . . . . .

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .