Saturday, June 11, 2011

නූතන පැල් කවි . . .

දෙතොලේ ඔය තරම් ලිෆ්ටික් කිමද නඟෝ
මේකප් දමා හැඩ වැඩ වී කිමද නඟෝ
කෙලින් නොබලා ඇස් කොනකින් ඇයිද නඟෝ
බල බල දුවන්නේ කිම නොනැවතී නඟෝ

***************************
කොල්ලන් අවුසනට ලිෆ්ටික් තලි ගෑවා
මේකප් දමා ලැසිගමනින් පිටවූවා
නුඹෙ නෙත් නොගැටෙනා ලෙස හොරැහින් බැලුවා
මගේ හිමි මඟ නිසා යන්නට සිදුවූවා

No comments:

Post a Comment

හිතෙන දේ අමුනන්න . .