Tuesday, June 28, 2011

නුඹව . . .

සිනා සලනට 
ඇවසිමුත් මට
නුඹත් සමඟින් 
එකට එක් වි


ලොවේ නොයෙකුත් 
චොදනා මැද
සිනා සෙන්නද 
කෙලෙස මා අද


නුඹේ අත ගෙන
අපේ ලොව වෙත
පිය නඟන්නට 
හැකිය දවසක


සියලු බාධා 
කෙසේ හෝ බිඳ
සිතට සතුටක් 
රඳවමින් නුඹේ


දිනෙක නිසැකව
නුඹව කැන්දන්
මිහිරි ලොවකට 
ගෙන යමි මම 

පියානණි . . .

සෙනෙහසින් ඉතිරුණු
මතක පොදි තුරුලුකර
බලා හිඳිනෙමි සිතින්
අතීතයක අභිමන


වත්මනට පය තැබූ
පියවරක් පසුපසම
සිටියා නුඹ නිතැතින්ම
අපමණක සෙනෙහසින්


හැර ගොසිනි හැමදාට
ජීවිතය මෙයයි යන
අකුරු කෙරු පාඩම්ද
දිවිමඟට තුරුලුකර


පියානණී නුඹ ලඟක
නැතත් මට සිපගන්න
සිතින් හැමදාකදිම
සිපගනිමි සෙනෙහෙන්ම

Sunday, June 26, 2011

පන්දාහ . . .






අවමය හයදහ නිසා උන් හයදහ දුන්නා
දාහේ කොලේ පන්දහ ලඟ තනි රැක්කා
ඉස්සර නම් කොල හයක්ම අතේ රැඳුනා
දැන් නෑ බරට කොල දෙකකුයි ඇතෙ රැඳිලා

ගන්නට දසකුත් දේ හිතෙ ඇත පෙලගැහිලා
කඩෙකින් කඩේකට පියමැන මිල විමසනවා
කොල දෙකෙ හෑල්ලුව හිත යට තෙරපෙනවා
පන්දහ මාරුවෙන්නට තව කල් යනවා

ඉඳලා ඉඳලා පන්දහේ මාරුව වෙනවා
හාලුත් තුනපහත් ටික ටික මල්ලට යනවා
පොඩිපුතු මතක් වෙනකොට මගේ හිත දනවා
අවුරුදු කන්න උන් මඟ හිඳ හිනැහෙනවා

දන්නවා හොඳට මාපිය සැලකිලිද මම
අතමිට නැහැනේ ගන්නට දේ ඇතත් හිත
නුඹලට එදා වාගෙම පෙම රන්දාගෙන
එනවා ගමට මද්දුම මම හිඳීගෙන

කැන්දන් ඇවිත් නුඹටත් මම දුක දුන්නා
තරහක් නැතත් දුක ඇති නුඹ ලඟ රැඳිලා
මොනවා කරන්නද දුක අප අතරට වැදිලා
එක්වී හිඳිමු පොඩිඋන් ගැන හිත් මවලා

තව පන්සියකට වැඩියෙන් නෑ අතේ රැඳී
පන්දහේ කොලේ හැඩවත් මට මතක නැතී
හිතට නැතත් අතවත් අපේ පිරෙනු වටී
දෙන්නට බැරිද පන්දහ තව පුංචි කෙරී

Friday, June 24, 2011

සයිබරයේ අපේ පෙම . . .



chat box එක පුරාවට

විහිදුණාවූ නුඹේ වදන් තුළ
සොයමි මා නුඹේ රුව 
පෙල ගැසුණු Emmotion වල
දකින්නට වෙරදරමි 
නුඹේ සිනා මුව මඬල
විඳින්නට නොහැකිබව
දැන දැනත් නුඹේ උණුහුම
මුහුණු පොතේ බිත්තියක
තනිවෙලා  මගේ පෙම
Hi , Bye වදන් තුළ
තෙරපිලා යෞවනේ
ඇහි පිය රිදෙන තුරු
මුහුණු පොතට නෙත්යොමා
සයිබරයේ තනිවෙලා

Tuesday, June 21, 2011

තාරකා නුඹ . . .

නුඹ , 
සැබෑවෙන්න තරමට 
වරම් අහිමිවුණු 
පෙනි පෙනී බොදවන 
සිහිනයක පෑයු 
එකම එක තාරකාවක් 
හිනාවෙන්න කතාකරලා 
හිත පිරෙන්න හිනස්සලා 
ඒ තරමට කඳුලු දීලා 
යන්න යනවා 
. . හැමදාකම . .

Saturday, June 18, 2011

දෙව් රජුවත් දුටුවේ නැත . . .

මහානර්ඝ පුජාවට්ටි
නෙක වර්ණ පලතුරු
ඉස්තරම් සුවඳ දුම්
දෙදහෙ දාහෙ කොල 
බැතිබර වී හිස මුදුනේ
ඇතු මත දලදාව වගේ


පුදදෙන්නට දෙවිඳුන් හට
පෝලිමෙහි පොදිකමින්
එකිනෙකා පරයන්න
වෙරදරන ගැත්තන්
කුලල් කාගනිමින්
ඇත මී මැසි කැල වගේ


රතු තිරයෙන් වට කෙරිච්ච
සුවඳ කපුරු දුම් පිරිච්ච
කුටියේ සැඟවී දෙවියන් 
නරපනුවන්ගේ යාදිති
අසා අවුල් වූ මනසින්
නිහඬ වෙලාදෝ


දාහෙ දෙදහෙ කොල 
කැවිලි පෙවිලි පළතුරු සැම
දෙවුකුටියේ පිරීයද්දි 
දේවාලේ ඇස් මානත
කුසගිනි වැද හඬා වැටෙන 
දරු පැටවුන්ගෙ මුහුනත
රූටන සීතල කඳුලත
දෙවි රජුවත් දුටුවේ නැත

Monday, June 13, 2011

අතු අග හිඳ . . .

අතු අඟ පිපි
නුඹ දෙස බලා
කදුලැල් සලා
හඬනු හැර 
වෙන කුමක්
කරමිද මම්

මඟ බලමි . . .

ජිවිතේ මල් සිනා
ආදරෙන් ලංකලා
සැම විට ලඟින් හිද
මා තුටින් සැනසුවා

සුරලොවක සිරි ගෙනා
අපේ පොඩි කැදැල්ලේ
දෙදුන්නේ පාට ගෙන
හැඩ දැමු සිරි ඇතේ

කිරි සුවඳ විඳ ගන්න
අපේ ලොව රජ වන්න
මල් සිනා නැඟ දෙන්න
හිදිමි මඟ බලමින්න

Sunday, June 12, 2011

නුඹේ අවසන් කවට . . .

සුදු කඩදහි පිටු පුරා
ඇමිනුවට පදවැල් මා නමින් 
නික්මෙන්නේ කෙලෙසින්ද
මේ විලස  . . . 
බිදක්වත් නොසිතුනිද ,
නුඹ නික්ම ගිය පසුව
නුවන් යුග රතු වේලා
ලොකයෙන් වසන්වි
සිතේ දුක් සිර කරන්
නටඹුන්වු 

අපේ පෙම උදෙසා 
වැලපෙන ,
මා ගැන මොහොතකට . . .

එක් පසෙක පෙමක් . . .

හොර හොරා නැගුනාට 
මගේ මේ පෙම් හැගුම්
නුඹ කෙසේ ඉන්නේද 
නොදැනුනා විලසින්ම
මිය ගියත් හිත් කොනේ
ඒකපාර්ශවීය පෙම
මිය නොයයි කිසිදිනේ
සදා මගේ ලබැදි කම 

හැමදේම . . .

‎අවසර ඉල්ලා ,
අයදින්නේ ඇයි 
එන්නට මා වෙත 

හීන අරන් . . .
දෙනෙතින් කීවත් 

දොඩමලු වෙනුබෑ
ලොවට හොරා බැදී 

පෙම සඟවන් . . .
බලාපොරොත්තුවෙ ,

හීන නොවෙයි ඒ
ජීවිතයම ඔබ 

අරන්ගිහින් . . .

නුඹෙ ලොවට . . .

සෙනෙහසින් සිතු පැතුම්
ඉටුවෙවි නුඹෙ ලොවෙ
දුක් තැවුල් දුරුවිලා
සිත් සතුට රජයන්න
එක සිතින් පතමි මම

හිඳිමි . . .

මරණයේ අභිමුවක
සිනාසී සැනහෙන්න
නුඹ එක්ක මා හිදිමි
හැම භවයෙ මෙවිලස

අපේ වී . . .

කප්පරකට හින පොදි 
ගුලි කරන් මගේ සිතේ
නුඹ වෙතට ලං වෙලා
මුමුණන්න හිත් තියේ . . .

නුඹ ඇවිත් හොර හොරෙන්
හීනයක දැවටිලා
ආදරේ දුන්න සැටි
අපුරුයි ජිවිතේ . . .

අපි අපේ වි මෙසේ
හිත් තුලින් හැම දිනෙ
කවදා හෝ එක් වෙලා
ජය ගනිමු ජිවිතේ . . .

රහසින්ම . . .

රහසින්ම බැදි පෙමින්
මුමුනමින් ලං වෙලා
ජිවිතේ විදගන්න
ඔබ එක්ක හින හිලා . . 
පාරමී පිරු මා 
අද තුටින් සැන සිලා . .
ඔබ ලඟම රැදෙන්නම්
මියෙන තුරු සෑම දා . . .

Saturday, June 11, 2011

නිදහස් දවසේ . . .

මුලුවැදුණු කොඩිවල
කේසර සිංහයෝ
එළියට පැනලා
නිදහස පෙන්නන්න
ආයෙමත් සැරයක්
ලැජ්ජාවෙන් ,
හැංගෙන්න බලාගෙන
අමතක වුණාම
උඹලට ,
නිදහසේ උණ . . .

නිකමට . . .

පොඩ්ඩක් හිනාවෙන්න . . . . 
කවි සිතිවිලි උනන්න . . . . 
ආදරයෙන් බලන්න . . . . 

මට කවියක් ලියන්න . . . .

පියනැඟුම . . .

රුදුරු ගොර සපුන් වෙසෙන
විසල් මහ වන මැද
අතර මං වු ,
මුව පොව්වන් දෙදෙනකු
නොවෙමුද අප . . .

හතරවටින්
භීතිය අඬු විහිදා ගත් . .
මේ භයානක වන ගැබින්
නික්ම . . .
හෙට දිනයේ අප පා තබන්නේ ,
තවත් ,
කුරිරු ලොවකට ,
නොවෙද . . .

පෙම් බැඳ . . .

කප්පරකට හීන අහුරු
නුඹ ගැන මම දැකපු අයුරු
ජීවිතයට සුවඳ තැවරු
කවියකි ඔබ සිතට මියුරු

තනියට ළග නැතත් කවුරු
ලොවම මගේ වෙතත් අදූරු
දෛවය මට උනත් නපුරු
නුඹට බැදුණු පෙමයි සොඳුරු

ඈයි . . .

මල් සුවඳ කොඳුරලා
කීකතා ලංවෙලා
ආදරේ සඟවලා
ඉන්නේ ඇයි ගොලුවෙලා

බාධක . . .

ගැරහුම් අසලින් හද ගිණි දළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි
විසකටු පදුරුය අප යන එන මඟ එමටයි
සෙනේහයට අමිහිරි අවමන් එමටයි 

මා . . .

මා ඈත හිනහෙන 
ලෙසක ඔබ දුටුවද 
සත්තයි . . . 
ඔබ දිහා බලා 
හඬමි ,

සැමදා
ලොවට රහසින් . .

බෙහෙත් . . .

මම ලෙඩින්
පපුව ,
ගැහිලා ගැහිලා 
නවතින්න කිට්ටුව
නුඹ ආවා . . .
හුස්ම අරගෙන
මා බලන්න . . .

මහ රෑක . . .

කුටියේ කවුලුවෙන් සඳ රැස් ගෙට එනවා
පාළුව කාන්සිය හද තුළ තෙරපෙනවා
නිදිබර දෙනෙත් අඩවන්වීගෙන එනවා
සුසුමක් හෙලා මා නිදියන්නට යනවා

වෙන්වීම . . .

නිමාව
දුකත් ,
අදුරත් 
ඉතිරි කර
සිතිජයෙහි ගිලුනි
ඉර . . . .

පතමු . . .

විරි ගෙන සැනසුනොතින් අද දින අප
හැකිවෙයි එඩිගෙන ජය ගැනුමට යලි
අවරට ගිය හිරු හෙට දින පායයි 
පතමු එක්ව එදිනට ජය නියතයි

තාම නෑනේ . . .

පොඩි මල් ඇති ගවුම ඇදන්
මම දොර ලඟ බලා ඉන්නවා . .
ඒත් අනේ තාම නෑනේ තාම නෑනේ
මල් දුන්නේන් වඩින ඉලන්දාරියා . . . .

මංගල සේවයට කිවා
wall එකේත් දාලා බැලුවා
ඒත් අනේ තාම නෑනේ තාම නැහැනේ
අර මල් දුන්නේන් වඩින ඉලන්දාරියා . . .

කල වයසත් ගෙවිලා යවි
ගේදරට මා බරක් වෙවී
ඒත් අනේ තාම නැහැනේ තාම නැහැනේ
මල් දුන්නේන් වඩින ඉලන්දාරියා . . . .

වාවමි . . .

කුටියේ කවුලුවෙන් තරුකැට මම දුටුවා
එ දැක ඉබේ නුඹ මට සිහියට නැඟුනා
නුඹ කොහි සිටිදැයි සිතුවිලි තෙරපෙනවා
නුඹගේ සුවද නිතැතින් මා හද වෙළුනා

සැතපුම් දහස් ගණනක් දුර නොවැ ඉන්නේ
පියඹා එන්න සිතුවද මට තටු නැත්තේ
කුමක් කරනුදැයි මට නොම වැටහෙන්නේ
සුසුමක් හෙලා දුක වාවා ගත යුත්තේ

නොකී වදන් . . .

හිත තුල ඇතත් පවසන්නට ආදරය මගේ
ගොලුවි ඇතේ මාගේ මුව නුඹ හමුවෙ
කැටිකොට වදන් ගලපා මේ පද සතරේ
ගොණු කොට එවමි නුඹ වෙත පා මා සෙනේහෙ

මහ මේර තරම් මගේ ආදරය හිතේ
නුඹ වෙත පුදා ඉමි සැමදා සංසාරේ
දුක සැප බෙදා එක ගේයි ඉන්නටම සිතේ
කැන්දන් යන්න එනවද නුඹ හෙට උදයේ

ඔබවෙත . . .

එන්නේමි තරු මල් දිහා බලා ගෙන
ඉන්නට තුරුලෙහි දෙනෙත් පියා ගෙන
ජිවිතයේ හිමි සතුට සොයා ගෙන
රැදෙනට දිවිතුරු නුඹේ සුසුම් ගෙන 

නුඹට . . .

සිත පුරාම නුඹ නැවති ඉන්න විට
නැහැ කිසි දුකක් මගේ මේ සිත අහලකට
වටිනවා බොහොම වටිනවා නුඹ නොදත්තට
දෙන්නැහැ යන්න මා අතහැර කිසිම විට

රස . . .

" රසකර උයා හැඳිගා දුන්නද හොද්ද
හැන්දක් එහි රස කිසිදා විඳ ඇද්ද "

සිහිනේ . . .

සිහිනයේ නුඹ රැඳේ නම් 
තුරුලු වී නුඹ හිඳී නම්
නුඹේ සුවඳේ ගිලි සැනහී
රැඳෙන්නම් නුඹ මගේ නම්

නූතන පැල් කවි . . .

දෙතොලේ ඔය තරම් ලිෆ්ටික් කිමද නඟෝ
මේකප් දමා හැඩ වැඩ වී කිමද නඟෝ
කෙලින් නොබලා ඇස් කොනකින් ඇයිද නඟෝ
බල බල දුවන්නේ කිම නොනැවතී නඟෝ

***************************
කොල්ලන් අවුසනට ලිෆ්ටික් තලි ගෑවා
මේකප් දමා ලැසිගමනින් පිටවූවා
නුඹෙ නෙත් නොගැටෙනා ලෙස හොරැහින් බැලුවා
මගේ හිමි මඟ නිසා යන්නට සිදුවූවා

හිඳිමි මා . . .

ගිලිහුනත් පෙර දිනක හිමි සතුට නුඹ වෙතින්
කඳුළු වැල් පිබිදුනත් දුක පිරුන හදවතින්
එපා නුඹ හඬන්නට හුදෙකලා ඉම ඉතින්
සදාකල් හිඳින්නම් නුඹ අසල සෙනෙහසින්

මතු දිනක . . .

බලාපොරොත්තුව ,
සිත් පුරවගෙන
හිදින් මඟ බලාගෙන
නොකියාම යම් දිනක
මම ඇවිත් නුඹ ලඟම
සිටින වඟ දුටු විටදි
හිරු සඳු පවා නතර වෙවි . .

සිත් රූ . . .

දැස පියා ගත්තේමි මම මොහොතකට
රුවක් පෙනුනි සිතතුල ඇදි නොමැකෙන්ට
සිතුවිලි මගේ විසිරුණි සිත හතර වට
සිත් ඇදි රූ කාගේදැයි සිතන්නට

මඟ බලන . . .

හරිම පාළුයි ,
බලං ඉන්නවා මම
එනතුරු නුඹ
කවදාද . . .
ඇඟිලි ගණිමින්
ඉන්න බව නම්
නෑ වගේ වගක්වත්
නේද නුඹට . . .

හැරගිහින් . . .

සිත ඔත්පලවි 
නෙත රතුපැහැවි
දුකක කන්දක්වි
සිතුවද මෙලෙස
නුඹ . . 

නුඹට වැරදි ඇත . .

මම සතුටින් ඇත
නෙතු හැඩුවෙ නැත
නුඹ මා හැරදා
ඇය හා ගිය විට . . .

Friday, June 10, 2011

මතකය . . .

යන්න හැරදා නොකියා කීයු කල
නොගොස් කෙලෙසක සිටිමි නුඹ තුල
හැරදා යන්නට හිතක් නැති කල
වහංවි මා දුරින් රැදුනු කල . . . 

කුමට නින්දා නිගා දෙනවද
වෙනත් හදකට ලැගුම් දුන් බව
මගේ සිත ගැන ලොවෙ අන් සැම
නොදාන්නා මුත් නුඹ දනි එය . . .

නොදෙ කිසිවිට වෙනත් හදකට
නුඹට දුන් ඉඩ ලැගුම් ගන්නට
මියෙනතුරු මා තනි නොතනියට
නුඹෙ මතකය පමණි මා තුල . . .

නුඹ . . .

නුඹ ඇවිත් මගේ ලොවට
සෙනෙහෙ දිය පුරවගෙන
ජිවිතයෙ රස මිහිර 
කියා දි හදවතට
දුන්න මෙ සුව සතුට
අගෙයි මට හැමදාම . . . .

අම්මේ . . .

උදයේ හවා නුඹ සිහිවෙනවා අම්මේ
එන්නට හිතයි දුවගේන මේ එක පිම්මේ
සැතපුම් දහස් ගණනක් දුර සිටියත් අම්මේ
මම පොඩි දුවා පෙරදා මෙන් නුඹෙ අම්මේ . . .

ලේ කිරි පොවා ඇතිදැඩි කොට මා හැදුවා
ගුණදම් කියා සැමදා යහමඟ යැවුවා
නුඹෙ ගුණ වරුන කිමට මට වදන් නැතා
ලද හැකි විගස දුව එමි නුඹ ලඟට මෙමා . .

එනවිට නැවත මා පෙරලා නුඹ ලඟට
ඉනුමැන පෙරදා ලෙස මා තුරුලට ගන්ට
අම්මේ නුඹෙ තුරුලෙ සැතපි ඉන්ට
දැඟිලි ගනිමි හෙටදිනයෙහි එන්ට . . .

අත්නොහරිමි . . .

කෙතරම් වහන් වී සිටියත් කඳුලකට
පසුපස සොයා එන ලස්සන පේනවට
කෙතරම් අහිමියැ'යි කීවද පැතු පෙමට
අතැර නොයනු නම් ඇත මා කිසිම විට

තාමත් නෑ . . .

නුඹ සොයා බැලුවා මා දස අතම
සිතුවා නුඹ ඇතැයි මා ලඟ හිඳ තවම
පැතුවා ඉන්න ලංවී නුඹ හා පෙමින
එනමුදු තනිව ඇත මා අද මේ ලෙසම

නොදැමූ Like සිත රිදවන හැටි දැනෙනා
Comments කෑගසා හඬනා හඬ ඇසෙනා
නුඹ එනතුරා මා අවදිව මෙහි හිඳිනා
එනවද බලා ඉන්නා මගේ දුක දැනිලා 

Thursday, June 9, 2011

සොයා යාම . . .

හුදකලාව කිඳා බැස
මැදියම් සමයේ
ඔබ නැතැයි දැන දැනත් 
පෙර ඔබ මෙනෙහිකළ
මුහුණු පොතෙහි
Friend lists පුරා
අනෙක් හැම profile දිගේ
සොයමින් ඇවිද්දෙමි
පෙර මා නුඹ නමින්
පබැඳු කවි සිනාවුනි
Comments කෙඳිරුවා
හොරෙන් හොරෙන්
Like හඬාවැටුනා
සැඟවෙමින් . . .

පතමි . . .

හදවත ඉකිළන හඬට අවදි වි
නෙතු නොනිදන රෑ තුන් යාමේ
මතකය අතරේ තනිවි ඔබෙ රුව
බොඳවි යයි මා හද විමනේ . . . . . 

දෙනෙත වැසුණු දින කොතැනක සිටියත්
සෙනෙහසින්ම මට ලංවිලා
නිහඬ කඳුලකින් සිප ගනු මැන වත
මතු බවයක හමුවෙමු කියලා . . . . .

රහසේ . . .

සිතට දැනේනා 
දුකත් විදගෙන 
අදුරේ තනිවි 
වැලෙපෙනා සඳ
මගේ දුක දැක 
ලොවට රහසේ
නුඹත් වැලපෙනු
ඇසුනමුත් මට
නුදුටුවා සේ
සිටියේ මී මම
කුමක් කරනුද
වෙන ඉතින් මම් . . . 

රිදවුම් . . .

අරුනැල්ලේ පිපී 
කුසුමක් වැනි සිත 
රුදු වදනින්
පෙලනු එපා . . 
ලොව කිසිවකු හට 
වරදක් නොමවු
මදෙස කුරිරු නෙතින්
බලනු එපා . . . .

සැනහෙන්න . . .

සඳ සැඟවගොසිනි . . . 
එළිවැදී හිරු , 
සොයයි දස අතක 
හිරුට හොරා දිලි 
සොඳුරු සුපෙම්වත් 
සඳ කුමරි කොයිබදද . . .
සුකොමල විඳගන්න
එකම එකවරෙකවත් ,
දැවීයන ගින්දරෙන්
මිදී සැනහී ඉන්න . . .

මගේ සඳ . . .

මෙතරම්ම ,
හඳ පායපු ආකහේම
වළාකුලක නැඟ
යමි පාව ඈතට
සොය සොයා
කොයිබදද . . .
සැඟව ,
මටත් හොරා
මේ ආකහේම
නුඹ ,
මගේ සඳ . . .

හිස් බව . . .

පුරව පුරවා , 
හති වැටුන මුත්
නැවත බැලුකල්
දුටුවෙමි මහිත
වෙලාගත්
හිස් බව . . .

මල්සරා . . .

පෙම් හිතක් ඇත නුඹට
ඉඳහිටක හෝ බලනු
මම ඔබට පෙම් කරමි 
මෙලෙසකින් පවසලා . . .


මා ලඟට ලං වෙලා
කීව ඒ රස කතා
දැන් ඇතැයි ගොලු වෙලා . . .


බැන්ද පෙම ඉවතලා
යන්න යයි මඟ හැරා 
තව හදක් රවටන්න
ඉදියි මඟ බල බලා 
මල්සරා දුනු අරා
නැවත වඩිනා තුරා . . . 


චපල නුඹේ හද වෙතට
නැවත නම් දුණු අරා
නොවිදාවි කිසිදිනක
ඉතින් මේ මල්සරා . . .