Tuesday, June 28, 2011

පියානණි . . .

සෙනෙහසින් ඉතිරුණු
මතක පොදි තුරුලුකර
බලා හිඳිනෙමි සිතින්
අතීතයක අභිමන


වත්මනට පය තැබූ
පියවරක් පසුපසම
සිටියා නුඹ නිතැතින්ම
අපමණක සෙනෙහසින්


හැර ගොසිනි හැමදාට
ජීවිතය මෙයයි යන
අකුරු කෙරු පාඩම්ද
දිවිමඟට තුරුලුකර


පියානණී නුඹ ලඟක
නැතත් මට සිපගන්න
සිතින් හැමදාකදිම
සිපගනිමි සෙනෙහෙන්ම

2 comments:

  1. මම අහලා තියෙනවා දුවෙක් වැඩියෙන්ම ආදරේ තමන්ගේ අප්පච්චිට කියලා. ඒ නිසා අප්පච්චි ලඟ නැති අඬුව මේ නංගිට ගොඩක්ම දැනෙනවා ඇති.

    ReplyDelete
  2. පියාණන් නැතත් අද දිනක
    මතක පොදි අවදි කර
    කියු වදන් සිතට ගෙන
    ජීවිතය ජය ගන්න
    ඉතින් "සිතු" දිරි ගන්න..! :(

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .