Tuesday, June 28, 2011

නුඹව . . .

සිනා සලනට 
ඇවසිමුත් මට
නුඹත් සමඟින් 
එකට එක් වි


ලොවේ නොයෙකුත් 
චොදනා මැද
සිනා සෙන්නද 
කෙලෙස මා අද


නුඹේ අත ගෙන
අපේ ලොව වෙත
පිය නඟන්නට 
හැකිය දවසක


සියලු බාධා 
කෙසේ හෝ බිඳ
සිතට සතුටක් 
රඳවමින් නුඹේ


දිනෙක නිසැකව
නුඹව කැන්දන්
මිහිරි ලොවකට 
ගෙන යමි මම 

1 comment:

  1. ආදරයට කොහෙදෝ බාධා නැත්තේ. බාදක මැදින් ගලන ආදර කතා ගොඩක් ලස්සනයි. නමුත් ඒ ආදර කතා ගෙනියන්න මාරම අමාරුයි. ඒත් සුන්දරයි !!!!

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .