Saturday, June 11, 2011

නොකී වදන් . . .

හිත තුල ඇතත් පවසන්නට ආදරය මගේ
ගොලුවි ඇතේ මාගේ මුව නුඹ හමුවෙ
කැටිකොට වදන් ගලපා මේ පද සතරේ
ගොණු කොට එවමි නුඹ වෙත පා මා සෙනේහෙ

මහ මේර තරම් මගේ ආදරය හිතේ
නුඹ වෙත පුදා ඉමි සැමදා සංසාරේ
දුක සැප බෙදා එක ගේයි ඉන්නටම සිතේ
කැන්දන් යන්න එනවද නුඹ හෙට උදයේ

1 comment:

  1. දැනිලා තිබුණා සඟවා හුන් සිත නුඹගේ
    පැතුව මුමුනන්න ලඟ හිඳ මගේ සෙනෙහේ
    මගේ හිත කියූ වග නෑ වැරදී තිබුනේ
    නුඹ නැවතිලා මගේ මේ සිත් කව ඇතුලේ

    ආදර බහ තෝරන්නට එක්වීලා
    එන්නම් ලඟට දුවගෙන මගේ හිත පිරිලා
    දුක සැප බෙදාගෙන ඉන්නට සිත් තබලා
    කැන්දන් යනවා නිසැකයි නුඹ අත පතලා

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .