Friday, June 24, 2011

සයිබරයේ අපේ පෙම . . .



chat box එක පුරාවට

විහිදුණාවූ නුඹේ වදන් තුළ
සොයමි මා නුඹේ රුව 
පෙල ගැසුණු Emmotion වල
දකින්නට වෙරදරමි 
නුඹේ සිනා මුව මඬල
විඳින්නට නොහැකිබව
දැන දැනත් නුඹේ උණුහුම
මුහුණු පොතේ බිත්තියක
තනිවෙලා  මගේ පෙම
Hi , Bye වදන් තුළ
තෙරපිලා යෞවනේ
ඇහි පිය රිදෙන තුරු
මුහුණු පොතට නෙත්යොමා
සයිබරයේ තනිවෙලා

10 comments:

  1. ඔහොම හායි බායි කිව්වට ඒ කෙනා හොදද නරකද කියලා කියන්න අමරුයි කවදාවත් දැකලා නැති කෙනෙක් නම් ...

    කවි සිතුවිල්ල නම් ගින්දර !!! ලස්සනයි !!!!!

    ReplyDelete
  2. හායි බායි ප්‍රේමය..... මුනුපොතේ ඇත්ත කතා ඕව... නැද්ද සිතුමි අක්කෙ...

    ReplyDelete
  3. මුහුණු පොතට නෙත් යොමාගෙන
    බලා ඉන්නෙ ඔබ එනතුරාවට
    ආවත් නුබ සමහරක් දිනවල
    කතා නොකරන කොට මාත් එක්ක
    හිතට දැනෙන මේ දුක
    නුඹට දෙනෙනවනම් මොනිටරයෙන් එපිටට...

    ReplyDelete
  4. මීට මාස ගානකට කලින් මගේ කතාවත් මතක් වුනා. මේකනම් මරු ඈ

    ReplyDelete
  5. @ පොඩි මෑන් : හ්ම්ම් හ්ම්ම් . . :D

    ReplyDelete
  6. @ සුශාන් : හ්ම්ම් . . :)
    ස්තූතියි . . .

    ReplyDelete
  7. @ දිනේශ් : ස්තූතියි . . .
    අපූරු පිළිතුරු ගෑලපුමක්

    ReplyDelete

හිතෙන දේ අමුනන්න . .